හිටපු ජනාධිපතිත් පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් පැන යන්නට උත්සාහයක – මෙලනි මානෙල් පෙරේරා

“පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට තමන් වගකිව යුතු නොවන බව” හිටපු ජනාධිපති සිරිසේන ඊයේ, සැප් 30, ප්‍රකාශ කළේය. 
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසි අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ එනම් සැප්තැම්බර් 30 වැනිදා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් සැප්තැම්බර් 16 වැනිදා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 21 සිදුවුණු පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස නම්කරමින් නොතීසි නිකුත් කරමින් , ඔක්‌තෝබර් 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිරිසේනට දැනුම් දෙන ලදී.

එහෙත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට තමන් වගකිව යුතු නොවන බව හිටපු ජනාධිපති සිරිසේන ඊයේ ප්‍රකාශ කළේය. 

 
පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙකු වන ජේසුරාජ් ගනේෂන් සහ කතෝලික සභාව නියෝජනය කරමින් ගරු සිරිල් ගාමිණි පියතුමා විසින් ගොනු කරන ලද පෙත්සමකින් හිටපු ජනාධිපති සිරිසේනට එරෙහිව මෙම අධිකරණ තීන්දුව නිකුත් විය.
 
පාස්කු ඉරිදා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ජේසුරාජ් ගනේෂන්ගේ පාදය අහිමි විය.

ජනාධිපති වරප්‍රසාද යටතේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා යන පදනම මත ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’  සම්බන්ධයෙන් ඔහුට එරෙහි නඩුව ඉදිරියට ගෙන නොයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කර තිබුණි.

ඊට සමාගමිව, පාස්කු ප්‍රහාරය සිදුවන අවදියේ රටේ විධායක ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද රිට් පෙත්සම් ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්ලවෙන සියලු චෝදනාවලින් ඇග ගලවා ගන්නට දරන උත්සාහය සාර්ථක වේනු ඇත්ද යන්න ජනතාව සුපරික්‍ෂාකාරිව බලාසිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *