ශ්‍රී ලංකාව ළමයෙකුගේ වයස යෝජනා කරයි

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ වයස, අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවියයුතු බව, ළමයින් සහ තරුණ තැනැත්තන් සඳහා වන ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනා සඳහන් කරයි.

මේ අනුව, “ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත” යන වචන වෙනුවට “ළමා ආඥා පනත” ලෙසද “ළමයින් සහ තරුණ තැනැත්තන්” යන වචන වෙනුවට “ළමයින්” ලෙස, අදාළ සෑම අවස්ථාවකදීම සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙමගින් යෝජනා කොට ඇත.
එමෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ 71 වන වගන්තියේ (6) වන උපවගන්තියේ ඇති ‘මෙම කොටසේ ඇති කිසිවක් දරුවකුට හෝ තරුණයෙකුට දඬුවම් කිරීමට ඕනෑම දෙමාපියෙක්ට, ගුරුවරයෙකුට හෝ නීත්‍යනුකූල භාරකරුවකුට ඇති අයිතියට බලපාන ලෙස ගොඩනොනැගිය යුතු බවය’ යන්න සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර තිබේ.
ළමා හා තරුණ පුද්ගලයින්ගේ ආඥාපනතේ 23 වගන්තියේ අරමුණ වන්නේ ළමා හා තරුණ පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා බාලවයස්කාර අපරාධකරුවන් අධීක්ෂණය කිරීමෙහිලා බාල වයස්කාර අධිකරණ පිහිටුවීම සඳහා නියෝග ලබා දීමයි.

2022.07.18 දින නිකුත් කරන ලද ළමා හා තරුණ පුද්ගලයින් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව 23 වැනි වගන්තිය සංශෝධනය වන අතර, එම සංශෝධන අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නියමිත දිනකදී බලාත්මක වනු ඇත.
ආචාර්ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කමිටුවේ සභාපතිනිය වන අතර, මෙම කර්තව්‍ය සඳහා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරළ, රෝහිණී කවිරත්න, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හරිනි අමරසූරිය, මංජුලා දිසානායක, කාරක සභාවේ ලේකම් සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වි ඇත.