විදේශ සංචාරකයින් යළි ශ්‍රී ලංකාවට – මහනුවර වාර්තාකරු

විදේශ සංචාරකයින් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට දක්වන උනන්දුව පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චෑංග් මහත්මිය ඊයේ (27) මහනුවරදී පැවසුවාය.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මහනුවර ඓතිහාසික වටිනාකම් දැක බලා ගැනීමට විශාල උනන්දුවක් දක්වන බවද ඇය කීවාය.
ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තානාපතිනිය මේ බව පැවසුවාය. මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ රෝම නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය ද සහභාගි වූවාය. ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ඇමරිකානු තානාපතිනිය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ රෝම නියෝජිතවරිය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.
දළදා වහන්සේ උදෙසා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ඇමරිකානු තානාපති අරමුදල මගින් මහනුවර රජ මාලිගාව ඇතුළු ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන වල සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය ඔවුන් ගියහ.
ලෝක සංචාරක දිනය දා මහනුවර ලෝක උරුම නගරයට පැමිණීමට ලැබීම ගැන සතුටු වන බවද ජූලි මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම ඓතිහාසික වටිනාකමින් අනූන ස්ථාන අනාගත පරපුර වෙත ආරක්ෂා කරදිය යුතු බවත් ඒ සඳහා කටයුතු කරමින් තිබෙනු දැකීම සතුටක් බවත් තානාපතිනිය කීවාය.