මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරීනට වැඩ වරැදී .මහනුවර වාර්තාකරු
මහනුවර මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාත් අධිකරණ කටයුතු වලට සම්බන්ධ වන සැරයන්වරු දෙදෙනෙකුත් හැර සෙසු සියලු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන හා ඒකක වෙත මාරු කිරීමට මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.
අපේක්ෂිත මහජන සේවය මහනුවර විවිධ පැමිණිලි අංශයෙන් මගින් නොලැබෙන බවට ලද පැමිණිලි මත අදාළ තීරණය ගෙන තිබෙන බව දැන ගන්නට ඇත.
හතළිහකට ආසන්න මාරු කළ පිරිස අතර පොලිස් පරීක්ෂකරයෙකු හා උප පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෛකු සිටිති.
විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මෑතක එම අංශයට පැමිණ තිබෙන අතර එය සැලකිල්ලට ගනිමින් ඔහු මාරු කළ කණ්ඩායමට ඇතුළත් කර නැත.
අධිකරණ කටයුතු වලට සම්බන්ධ වන නිලධාරීන් දෙදෙනා මාරු කිරීමෙන් එම වැඩකටයුතු වලට බාධා ඇතිවන බැවින් තාවකාලිකව ඔවුන් දෙදෙනාද විවිධ පැමිණිලි අංශයේම සේවය සඳහා යොදවා තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්ය මහජන සේවය බවත් විවිධ පැමිණිලි අංශය මගින් පුළුල් ලෙස එම සේවාව සිදු කිරීම සඳහා අදාළ මාරු කිරීම් කළ බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා කීය.