නෛතික පදනමින් බැහැරව සිසුන් ඇතුළත් කළ විදුහල්පතිවරයා – මහනුවර වාර්තාකරු

නෛතික පදනමින් බැහැරව සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පළාත් අධ්‍යාපන කළාප කාර්යාලයට මාරුකර  තිබේ.
විදුහල්පතිවරයා විසින් ළමුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් ලබාගත් බවට දෙමව්පියන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිලි පදනම් කරගනිමින් අදාළ විමර්ශනය ආරම්භ කර ඇත.
විදුහල්පතිවරයා  ධුරයේ රැඳී සිටීම අදාළ විමර්ශනයට බාධාවක් බැවින් විමර්ශනය අවසන් වන තෙක් ඔහු මාරු කර යැවීමට කටයුතු කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා කීය.
නෛතික පදනමකින් තොරව පසුගිය කාලය තුළ ශාන්ත සිල්වෙස්ටර් විදුහල ට ළමුන් 184 දෙනෙකු ඇතුළත් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් ආණ්ඩුකාරවරයා කීය.
ප්‍රාථමික විදුහලක් වන දොඩම්වල ජනාධිපති ආදර්ශ විදුහලේ පස්වැනි ශ්‍රේණිය සමත්වන සිසුන් සිව් දෙනෙකුට සෑම වසරකම ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ හයවන වන ශ්‍රේණියට ඇතුළත් වීමට අවස්ථාව හිමිවන අතර එම ළමුන් ඇතුළත්  කර ගැනීමේදී ද විදුහල්පතිවරයා දෙමව්පියන්ගෙන් මුදල් ලබාගෙන තිබෙන බවද දැනගන්නට ඇතැයිද ආණ්ඩුකාරවරයා කීය.
අදාළ
පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තෙක් ශාන්ත සිල්වෙස්තර විදුහල විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා කළාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙකු පත් කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *