විරෝධතාකරුවන් අ.වි.ශි.බ.ම.යේ කැඳවුම්කරු වසන්තගේ උපන්දිනය සනිටුහන් කරයි – මෙලනි මානෙල් පෙරේරා


එම අවස්ථාවේදී මාධ්‍ය අමතමින් නීතිඥ හා වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක් වන ස්වස්තික අරුලිංගම් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙන් ම අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය සිරිධම්ම හිමියන් සහ හෂාන් ජීවන්ත නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.
එමෙන් ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් ඒ වෙනුවට ජාතික ආරක්ෂක පනත හෝ වෙනත් ත්‍රස්තවාදී නීතියක් ප්‍රතිස්ථාපනය නොකරන ලෙසත් ඉල්ලා සිටියේය.
මර්දනකාරී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසිකව වසන්තට, සිරිධම්ම හිමිට හෝ හේෂාන්ට එරෙහිව පමණක් නොව, වසර 40ක් පුරා ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් ජනතාවට එරෙහිවද, විසම්මුතිය
සහ පීඩාකාරී රාජ්‍යයට එරෙහිව නැගී සිටින්නන් මර්දනය කිරීමට ද යොදාගෙන ඇති බව ස්වස්තික අවධාරණය කළේය.

“ඔවුන්ගේ සගයන් නිදහස් කිරීමේ සටනේදී අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සමග එක්ව සිටිනවා.” යැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.