හලාවත තරුණයෙක් නුවර එළියේදී මාට්ටු – නුවර එළිය චන්දන තිලක්, හැටන් චන්දන ජයවීර

නුවරඑළිය,බ්ලැක්ෆුල් ප්‍රදේශයේ කුලියට ගත් නිවසක් තුල පවත්වාගෙන ගිය විදේශීය ප්‍රභේදවලට අයත් අධික මිළකට අලෙවිවන ගංජා වගාවක් වටලා අත්අඩංගුවට ගත් සැකකරු අද (16) නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නුවරඑළිය,මීපිලිමාන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින් පවසයි .එම වැටලිම ඊයේ (15) සවස සිදුකර තිබේ. වයස අවුරැදු 27 සැකකරැවෙකු මෙසේ  අත්අඩංගුවට ගෙන තිබේ.

සාමාන්‍යයෙන් නුවරඑළිය ප්‍රදේශයේ ඇති අධික සීතලෙන් යුතු දේශගුණික තත්ත්වය හේතුවෙන් ගංජා වගා කිරීමට නොහැකි වුවත් අධි වෝල්ටීයතාවයෙන් යුත් විදුලි බල්බ,විදුලි පංකා භාවිත කරමින් මෙම ගංජා වගාව සිදුකරගෙන ගොස් තිබේ.

විශාල වියදමක් දරා එම නිවසේ කාමර තුනක කෘතීම පරිසර තත්ත්වයක් නිර්මාණය කරමින් මෙම විදේශීය ගංජා ප්‍රභේද සැකකරු විසින් වගා කොට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එහි වගා කොට තිබූ විදේශීය ප්‍රභේදවලට අයත් විශාල ගංජා ගස් මෙන්ම කුඩා ප්‍රමාණයේ ගංජා පැල 75කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *