පාස්කු ප්‍රහාරය – හිටපු ජනාධිපතිට නොතිසි – මෙලනි මානෙල් පෙරේරා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු නඩුවක සැකකරුවකු බවට නම් වෙයි. ඔක්තෝබර් මස 14 වෙනිදා අධිකරණය හමුවේ පෙනීසිටින්නට නියමිතයි. නොතිසි යවන්නට කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ – සැප් 16දා, නියෝග කරයි. —පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුවේයි කියා අපි බලාපොරොත්තු වෙනවා¡˜ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.
2019 අප්‍රේල් මස 21 වෙනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා පාදයක් ඉවත්කරනු ලැබූ ජේසුදාසන් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ගොනුකර තිබු නඩුවක් සළකා බැලු මහේස්ත්‍රාත් වරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කර නොතිසී නිකුත් කරනු ලැබුවා.
එවකට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති සහ ආරක්‍ෂක අමාත්‍යවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නොසැළකිල්ල හේතුවෙන් එම ප්‍රහාරය සිදුවී ඇති බවත් එබැවින් ශ්‍රී ලංකා දණ්ඩනීතී සංග්‍රාහයේ 298 වගන්තිය යටතේ ඔහු එම නඩුවේ සැකකරුවකු ලෙසට නම්කර, නොතිසි නිකුත් කරන ලෙසටත් පැමිණිළිකරුවන් වෙනුවෙන් පෙනීසිටී ජේ්‍යශ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය කරනු ලැබිණි.
කොළඹ පදවි ජනමාධ්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ජනමාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ, හිටපු ජනාධිපතිතුමා එතුමාගේ කාලය තුළ දී මෙම බෝම්බ ප්‍රහාරය සිදුවන්නට මත්තෙන්, ආරක්‍ෂක කවුන්සිලය රැස්වු සෑම වතාවකදීම සහරාන්ගේ ක්‍රියාකළාපය පිළිබඳව වාර්තා ගණනාවක් ම ආරක්‍ෂක කවුන්සිලයට යොමුවී තිබුණත් ඒ පිළිබඳව අවධානයට නොගෙන ඇති බවයි.
—ජිහාඩි කියන ඉස්ලාමීය සංකල්පය යටතේ ඉස්ලාම් දහම නොඅදහන සියලුම දෙනාව ඝාතනය කළ යුතුයි කියන මතය ප්‍රචලිත කරමින් අන්අයට ත්‍රස්තවාදි ක්‍රියාවක් කරන්නට මුලපුරන බවට ආරක්‍ෂක කවුන්සිලයට නිරන්තරයෙන් ම පැමිණිළි ලැබී තිබුණා. නමුත් එවැනි පැමිණිලි ලැබී තිබියදීත් තමන්ගේ වගකීම් පැහැර හරමින් විශේෂයෙන් ම මේ ප්‍රහාරය සිදුවෙන්නට යන බව දැන දැනත් ඒ සඳහා පියවර ගත්තේ නැහැ.˜ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා කීවේය.
—අපි එසේ කියන්නේ” මේ ප්‍රහාරය සිදුවන දවසේ ඉංදීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක නිළධාරින් යැවු බව අපි දන්නාවා. එසේනම් මේ ප්‍රහාරය සිදුවන බව ඒ අය දැනගෙන සිටියදී ත් මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ගේ පෞද්ගලීක කාර්යක් සඳහා සිංගප්පූරුව බලා පිටත්වෙනවා. ඒ කියන්නේ දැන දැන ම මේ ප්‍රහාරය සිදුවෙන්නට ඉඩදීමක් හැටියට තමයි අපි සළකන්නේ. ඒ නිසා තමයි අපි එතුමාට විරුද්ධව පැමිණිල්ලක් ගොණුකළේ ˜ යැයි ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශ කළේය.
මේ අනුව” —මෛත්‍රිපාල මහතා ලබන ඔක්තෝබර් 14 වෙනිදා අධිකරණය හමුවේ පෙනීසිටින්නට නොතිසි නිකුත්කළා. පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුවේයි කියා අපි බලාපොරොත්තු වෙනවා.˜ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.