පහර දීමකින් පේරාදෙණිය සිසුන් හතරක් රෝහලට – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමෙන්තුවේ දෙවන හා තෙවන වසර සිසු පිරිසකට එම දෙපාර්තමේන්තුවේම සිසු පිරිසක් සිදුකළ බව කියන පහරදීමකින් තුවාල ලැබූ සිසුවියන් දෙදෙනෙකු හා සිසුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම පහරදීම පෙරේදා (14) පස්වරු 6.30 ට පමණ මෙම පහරදීම සිදුකර තිබෙන බව පොලීසිය පවසයි.
පහරදීමට ලක්ව ඇත්තේ නවක වදයට විරුද්ධ සිසු කණ්ඩායමක් බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
විශ්ව විද්‍යාලයේ ගෙම්බා ආපනශාලාව අසළදී මෙම පහරදීම සිදුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පහරදීම සිදුකර තිබෙන්නේ නවක වදයට පක්ෂ තෙවන හා සිව්වන වසර සිසු පිරිසක් බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
නවක වදයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ මත හේතුවෙන් ඇතිවූ විරසකයක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිව ඇත.
පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.