රුමේනියාව ඇතුළු රටවල් තුනක් දෙසැම්බරයේ දි ෂෙන්ගන් කලාපයට – බර්නාර්ඩ් එදිරිසිංහ

මෙම වර්ෂය අවසානයේ දි පැවැත්වීමට නියමිත යුරෝපීය සංගම් නායක සමුළුවේ දි රුමේනියාව, බල්ගේරියාව හා කොරේෂියාව යන යුරෝපිය සංගම් සාමාජික රාජ්‍යයන් තුනට ෂේන්ගන් කලාපයට ඇතුළු වීමට නිල වශයෙන් අවසර ලබා දිමේ ප්‍රකාශයක් නිකුත් කිරීමට, තමන් සහයෝගය දක්වන බව ජර්මන් චාන්සලර්වරයා මෑතක දි ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කළේ පසුගිය දා චෙක් සමුහාණ්ඩුවේ සංචාරයක නිරත වෙමින් සිටිය දීය.
මෙම රටවල් තුනම මේ වන විටත් යුරෝපීය සංගමයේ සාමාජිකත්වය දරන නමුත් ෂේන්ගන් කලාප සංචරණ පහසුකම ලබා ගැනීම පිණිස අවශ්‍ය කොන්දේසි සපුරා නොතිබිණ. මේ වන විට ඉහත කි රටවල් තුනම අවශ්‍ය කොන්දේසි සම්පුර්ණ කිරීම පිණිස ක්‍රියා කොට ඇති බව වාර්තා වෙයි.
ෂේන්ගන් කලාප සංචරණ පහසුකම ලබන රටක සිටින විදේශ ගමන් බලපත්‍ර ලාභියෙකුට, යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 29 අතර දේශ සීමා හරහා යාම පිණිස අවසර ලැබීම විශේෂත්වයකි.
පළවන මාධ්‍ය වාර්තා වලට අනුව මෙම රටවල් තුනෙහිම ශ්‍රමිකයින් ගේ හිඟයක් පවතින අතර එම ආණ්ඩු විසින් විදේශීය ශ්‍රමිකයින් සඳහා නිල වශයෙන් සිය දොරටු විවෘත කොට තිබේ.
රුමේනියාවේ පමණක් 2022 වර්ෂය සඳහා විදේශීය ශ්‍රමිකයින් 100,000 බඳවා ගැනීමට රජය විසින් අනුමත කොට තිබෙන බව එරට මාධ්‍ය විසින් වාර්තා කර ඇත. ( Romania could accept 100,000 foreign workers this year, but bureaucracy is main obstacle) නමුත් නිලධාරි වාදය නිසා 2022 දෙසැම්බර් වන විට 50,000 ක් පමණක් බඳවා ගැනීමට හැකි වේයැයි අපේක්ෂා කරන අතර, මේ වන විටත් ඉන් 22,000 පමණ රුමේනියාවට නිල වශයෙන් සංක්‍රමණය වි ඇතැයි තවදුරටත් වාර්තා වෙයි.