” ලැබෙන විදියට ජිවත් වෙමු” මහා බැංකුව කියයි – බර්නාඩ් එදිරිසිංහ ලියයි

වත්මන් ආර්ථිකය ගැන මහා බැංකුවේ විසඳුම් යෝජනා
ශ්‍රී ලංකාව අද මුහුණ දි ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒම පිණිස ආණ්ඩු විසින් ගත යුතු පියවර කවරේද? මේ සම්බන්ධයෙන් විවිධ යෝජනා විවිධ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කර ඇති අතර පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ සහ ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරි සංගමය විසින් කලින් කළ දක්වන ලද යෝජනා පිළිබඳ සාරංශයකි.
- දේශපාලන ස්ථාවරභාවය-
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ආණ්ඩුව තීරණය කිරීමෙන් පසු ගෙවි ගිය මාස කිට්ටු කාලය තුළ ආණ්ඩුව තුන් වතාවක් මාරු විය. මෙම දේශපාලන අස්ථාවරභාවය නිසා වැටි සිටින අගාධයෙන් ගොඩ ඒම පිණිස ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇති වි තිබේ. දැනට පවතින තත්ත්වය යටතේ විදේශීය ආධාර ආයතන හා රාජ්‍ය වෙත යාම 2022 වර්ෂ අවසානය දක්වා දික් ගැස්සෙනු ඇත.
- අයි.එම්.එෆ්. මොඩලය-
වත්මන් මහා බැංකු අධිපතිවරයා 2022 අප්‍රියෙල් මස සිය ධුරය භාර ගැනීමට පෙර මෙරට ආණ්ඩුව විසින් අනුගමනය කළ මුළ්‍ය ප්‍රතිපත්තිය ‘දේශීය මොඩලයක්’ ලෙස හැඳින්වින. නමුත් වත්මන් මහා බැංකු අධිපතිවරයා ඒ වන විට පත් වු නව මුදල් අමාත්‍ය අලි සබ්බ්‍රි ඇතුලු කැබිනට් මණ්ඩලය ‘ අයි.එම්.එෆ්’ මොඩලය අනුගමනය කිරීම පිණිස එකඟ කරවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව මිට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබා ගෙන ඇති නමුත් මෙවර ආධාර ලබා ගැනීමට යාමේ දි ශ්‍රී ලංකාවට තිරසර ණයකරුවෙකු බව සනාථ කිරීම පිණිස ආර්ථිකය බරපතල ප්‍රතිව්‍යුහගත කිරීමක් පෙර සුදානමක් වශයෙන් කිරීමට සිදුවනු ඇත.එතෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ වෙනත් කිසිදු විදේශීය රාජ්‍යයක් ශ්‍රී ලංකාවට ණය නිකුත් නොකරනු ඇත. දැනට පවතින තත්ත්වය යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අවසාන ගිවිසුම අත්සන් කිරීම මෙම වසර අවසාන වන තෙක් ප්‍රමාද විය හැකියි.
- මහ බැංකු පොලි අනුපාතය ඉහළ දැමිම-
උද්ධමනය වළක්වා ගැනීම පිණිස ශ්‍රී ලංකා මහා බැංකුව විටින් විට සිය පොළි අනුපාතය ඉහළ දමනු ඇත. මේ නිසා බැංකු වලින් ණය ලබා ගැනීමේ දි ව්‍යාපාරිකයින්ට දැඩි දුෂ්කරතා ඇති විය හැකි වුවත්, භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමෙන් ව්‍යාපාරිකයින් ගේ පිරිවැය ඉහළ යාම නිසා ඔවුන් ගේ කර්මාන්තවල තරඟකාරිත්වය අඩුවීම ඊට වඩා බරපතල ප්‍රතිඵළ ඇති කරයි. මුල්‍ය ස්ථාවරත්වයක් ඇති කර්මාන්ත මිට ඔරොත්තු දිය හැකි නමුත් අනෙක් කර්මාන්ත බරපතළ අර්බුදයකට යනු ඇත.
- අතුරු ණය ලබා ගැනීම-
මේ වන විට (ජුලි 25 වන විට) මෙරට විදේශය සම්පත් සංචිතය බින්දුව දක්වා සිඳි ගොස් ඇත. ජුලි මාසයෙන් පසු මෙරට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයන පිණිස පත් වන නව රජය ( ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ) විසින් යම් කිසි ක්‍රමයකින් අතුරු ණයක් ලබා ගැනීම අනිවාර්ය වෙයි. දැනටමත් මහජන චිනය හා ඉන්දියා අතුරු ණය ලබා දීම සම්බන්ධයෙන් යම් පියවරයන් ගෙන තිබේ. දළ වශයෙන් මෙම වර්ෂයේ අවසානය දක්වා ඉන්ධන, ආහාර හා බෙහෙත් වැනි අත්‍යාවශ්‍ය ආනයන සඳහා වැය කිරීම පිණිස ඉන්දීය රජයෙන් ඇමරිකන් ඩොලර් බිලියන අතුරු ණයක් බලාපොරොත්තු වන අතර එය අනුමත කිරීම මෙරට දේශාලන ස්ථාවරභාවය ඇති වන තුරු ප්‍රමාද කරනු පෙනේ. මෙම අතුරු ණය ලැබුනහොත් ඉන්දියාවෙන් ඉන්ධන සඳහා ලබා දීමට නියමිත ඇමරිකන් ඩොලර් මිලියන 500 ක ණය ආධාර මත යැපීමට සිදුවනු ඇත. මහජන චිනය විසින් ඇමරිකන් ඩොලර් බිලියන 1.5 ක වටිනාකමකින් යුත් මුදලක් යුනාන් මුදල් ඒකකයෙන් ලබා දි ඇති නමුත් එම මුදල් ගණුදෙණුවේ කොන්දේසි ලිහිල් කර ගැනීම පිණිස නව රජය මහජන චින බලධාරින් සමග සාකච්ඡා කළ යුතුව තිබේ.
- ලද පමණින් සතුටු වීම- ඉදිරියේ දි උද්ධමනය විසින් සියලු දෙනාටම සිය උවමනා එපා කම් සිතන පතන පරිදි ලබා ගැනීමට තිබෙන ඉඩකඩ අසුරා දමනු ඇත. මේ නිසා සිය ජිවන විලාසිතාව හා පාරිභෝජන රටාව ගැන බරපතල තින්දු තිරණ ගනිමින් තම මානසික හා ශාරිරික සුවතාව රැක ගැනීමට ප්‍රමුඛත්වය දිමට සිදු වනු ඇත. දැනටමත් හඳුනා ගෙන ඇති පරිදි දිළිඳුභාවයට පත් වි ඇතැයි ගණන් බලා ඇති 28 ලක්ෂයකට ආසන්න ජනතාවගේ අතට දිළිඳු සහනාධාර ලබා දීම ආණ්ඩුවේ ප්‍රමුඛත්වය විය යුතුය.
- රජයේ වියදම්-
රජයේ වියදම් අතරින් 80%ක් වැය වන්නේ රාජ්‍ය සේවකයින් ගේ වැටුප් ගෙවීම පිණිසය. රජයට ලැබෙන ආදායම ඉතාමත් අවම මට්ටමක තිබිය දි වුවත් රජයේ සේවකයින් ගේ වැටුප් ගෙවීමට සිදු වෙයි. ඒ හැර අනෙකුත් වියදම් අවම කිරීම බරපතල ලෙස සලකා බැලිය යුතුය. මේ අතරට සියලුම යටිතල පහසුකම් ව්‍යාපෘති තාවකාලිකව නතර කිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවමින් නඩත්තු කරන සංස්ථා පුද්ගලිකකරණය කිරීම,
- විනිවිදභාවය- රජයේ මුල්‍ය තත්ත්වය පිළිබඳ සත්‍ය තත්ත්වය මහජනතාවට හෙළි දරව් කළ යුතුය. ඉදිරි කාලය තුළ මහජනයාට අත් විඳින්නට සිදු විය හැකි දුෂ්කරතා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා වත්මන් අර්බුදයෙන් කෙටි මං මාවත් ඔස්සේ ගමන් කිරිමෙන් එගොඩ විමට නොහැකි බවත් මහජනතාවට ඒත්තු ගැන්විය යුතුය.
- මුදල් අමාත්‍යංශයේ කාර්ය භාරය- මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ වගකීම මහා බැංකුව සතු අතර රජයේ ආදායම් හා වියදම් පිළිබඳ ප්‍රතිපත්තිය හෙවත් පිස්කල් ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යවරයා ඇතුලු මුදල් අමාත්‍යාංශය සතු වගකිමකි. රජයේ ආදායම් ඉහළ නැංවිමටත් වියදම් අවම කිරීමටත් කඩිනමින් කටයුතු කිරීම ඒ අතර ප්‍රමුඛත්වය ගනියි. රජයේ ආදායම ඉහළ නංවා ගැනීම පිණිස විශේෂයෙන්ම බදු ආදායම ඉහළ නංවා ගැනීමටත් වියදම් අවම කර ගැනීමටත් නව පියවරයන් යෝජනා කිරීම ඒ යටතේ සිදු විය යුතුය.
ශ්‍රි ලංකා මහා බැංකුව විසින් පෙන්වා දෙන පරිදි වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඔවුන්ගේ යෝජනා පමණක් ප්‍රමාණවත් නොවේ. කැබිනට් මණ්ඩලයත් මුදල් අමාත්‍යංශයත් විසින් ගත යුතු තින්දු තිරණ ද කලට වේලාවට ගැනිම ඒ සඳහා අනිවාර්ය කොන්දේසියක් වෙයි.