උණුසුම් පුවත්

පළාත් පාලන ආයතන සියලු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමේ සමාරම්භක උත්සවය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ. – නදීක දයා බණ්ඩාර

වරිපනම් බදු ඇතුළුව පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ  කළ හැකි ජාතික වැඩ සටහනේ සමාරම්භය  අකුරණ ප්‍රාදේශීය සභාවේදී අද...

 සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි  – සජීව චාමිකර

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. එනම් පහතරට තෙත් කලාපීය වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තර වශයෙනි. මුහුදු මට්ටමේ සිට මීටර 100 ත් 900 ත් අතර උච්චත්ව පරාසයේ ව්‍යාප්ත ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තර හෙක්ටයාර 31630 ක් හා මීටර 900 ත් 1500 ත් අතර උච්චත්ව පරාසයේ ව්‍යාප්ත ව ඇති උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 4875 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මීට අමතර ව සිංහරාජ වන රක්ෂිතය වටා තවත් වනාන්තර හෙක්ටයාර 2500 ක් පමණ අනාරක්ෂිත තත්ත්වයේ පවතී. එසේ අනාරක්ෂිත ව ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව භාරයේ පවතින වනාන්තර හා පෞද්ගලික වනාන්තර ඉඩම් ය. එම වනාන්තර සියල්ල සිංහරාජ වන රක්ෂිතය හා සම්බන්ධ ව ඇති අතර සුවිශේෂී ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන අතර ජල පෝෂක ප්‍රදේශ ලෙස ද ක්‍රියා කරයි. වර්තමානය වන විට සිංහරාජය වටා පිහිටි අනාරක්ෂිත වනාන්තර අතුරෙන් වැඩි වශයෙන් එළි කරනු ලබන්නේ උප කඳුකර වැසි වනාන්තරය. මෙම වනාන්තර ප්‍රදේශ තුළ මුළු ලොවින් ම සිංහරාජයට පමණක් ආවේණික ජීවී විශේෂ බහුල ව වාර්තා වේ. මේ නිසා මෙම අනාරක්ෂිත වනාන්තර ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට පවරා ගැනීම කඩිනමින් සිදු කළ යුතු ව ඇත. මේ ක්‍රියාවලිය ප්‍රමාද වන සෑම නිමේෂයක දීම සිදු වන්නේ එම වනාන්තර ජෛව ප්‍රජාව සමඟ මෙරටට අහිමි වීම ය. මේ ආකාරයෙන් සිංහරාජ වන රක්ෂිතයේ පන්නිල - වලන්කන්ඳ කොටසට මායිම් ව පිහිටි අක්කර 600...

දිළිඳුන්ට අවමන් නොවන අයුරින් නත්තල සමරන ලෙස කොළඹ අගරදගුරු හිමි කතෝලිකයන්ට ආරාධනා කරයි — මෙලනි මානෙල් පෙරේරා

  වර්ථමානයේ දී ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර ආර්ථීක තත්ත්වය තුළ ලෝක්යේ වෙනත් රටවල හෝ ලංකාවේ අතීතයේ දී පැවැත්වූ ආකාරයෙන් කතෝලික...

ශත සංවත්සර සැමරුමට පේරාදෙණිය සූදානම් – නදීක දයා බණ්ඩාර

ශත සංවත්සර සැමරුම නිමිත්තෙන් ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකරමින් පේරාදෙණිය වීශ්ව විද්‍යාලය පෙරමුණට ගෙන එන බව එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා...

නාස් ඩේලි (Nas Daily) වීඩියෝව බැලුවද – චාමර සම්පත්

ලොව පුරා මිලියන ගානක ජනාදරයට පත් ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසු විඩියෝවක් ප්‍රසිද්ධ කර...

දේශීය ආහාර පිළිබදව මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහනක් අද මහනුවර දී… – නදීක දයා බණ්ඩාර

    කුළුබඩු යොදා ගනිමින් දේශීය ආහාර සකස් කිරීම පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයක් හා වැඩමුළුවක් මහනුවරදී අද (15) ආරම්භ...

ලංකාවේ ධර්මදූත සංගම් 180 සැමරේ, දිළිඳූ පාසැලකට පානීය ජල ත්‍යාගයක් — ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙ‍ර‍ේරා

  විශ්වීය ධර්මදූත සංගම් 180 වෙනි සංවත්සරය මෙවර කුරුණෑගල පදවියේ කට්ටිමහන ශාන්ත ආනා ජාතික සිද්ධස්ථනායේදී පසුගිය දා පැවැත්වූවා. කොළඹ අගරදගුර...

 පාලමට ආරක්ෂිත වැටක්  නෑ ,ජන ජීවිත අනතුරේ – චන්දන ජයවීර – හැටන් 

විශාල ජල කදක් ගලා බසින පාලම දෙපස ආරක්ෂිත වැට කැඩි වසර 8 ක්,වැසි කාලයට ඔය පිටාර ගලනවා ,රාත්‍රිය ට කිසිදු ආලෝකයක් නෑ .ජන ජීවිත අනාරක්ෂිත බව ගිනිගත්හේන - කැළණිගම වැසියෝ පවසති . අඹගමුව ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයට අයත් ගිනිගත්හේන නගරයේ සිට හොරකඩ මාර්ගය ඔස්සේ නෝර්ටන් ,කළවැල්දෙණිය ,පල්ලේවත්ත ,දාගම්පිටිය හා ලක්ෂපාන මෙන්ම විකල්පයක් ලෙස ශ්‍රිපාදය දක්වා ද ගමන් ගැනීම ට පහසු මාර්ගය කි රංජුරාව - කැළණිගම මාර්ගය. කෙසල්ගමුව ඔය හරහා ඉදි කර තිබෙන පාලමකි . “නායවල පාලම”නමින් හැදින්වෙන මා  පාලම ඉදිකර වසර 15 ක් පමණ වන අතර වසර 8 පමණ කාලයක සිට පාලම දෙපස ආරක්ෂිත වැට කැඩි තිබේ. ප්‍රදේශවාසීන් විසින් එම ආරක්ෂිත වැට වෙනුවට උණ බම්බු හා ලී දඩු යොදා ගනිමින්  වැටක් අටවා තිබේ. කාසල්රී , ,විමලසුරේන්ද්‍ර ජලාශ පිටාර ගලන විට  කෙසල්ගමුව ඔය ඔස්සේ ගලා බසින විශාල ජල කද මෙම පාලම ට ඉහලින් ගලා යනු ඇත.එම තත්ත්වය රාත්‍රි කාලයට ජනතාවට නිරීක්ෂණය කර ගැනීමට විලිදු ලාම්පුවක්  වත් මාර්ගයේ පාලම දෙපස නොමැත. මෙම මාර්ග භාවිතා කරමින් ප්‍රදේශවාසි පාසල් දරුවන් ,වැඩිහිටියන්, පමණක් නොව සංචාරක කලාපයක් ලෙස සප්තකන්‍යා ,ලක්ෂපාන ,ඇබර්ඩින් දිය ඇලි හා පාරසරික සුන්දරත්වය නැරඹීමට එන විදේශ හා දේශිය සංචාරකයන් ට ප්‍රදේශය පිළිබදව අවබෝධයක් නැත .ඒ නිසා අනතුරු ඇතිවීමේ අවදානමක් පවති. එමෙන්ම දිවා කාලයේ දී පාලම මතින් ගමන් ගනිමින් සිටින විටක දී වාහනයක ඉඩ ලබා දීමකට හෝ සුදානම් වන අවස්ථාවක පය ලිස්සා ගිය හොත් ඔය ට ඇද වැටිමේ අවදානමක් පවති . එම නිසා වගකිවයුතු  බලධාරීන්ගේ අවධානයෙන් මෙම අනාරක්ෂිත බවට පිළියමක් යොදන ලෙස ජනතාව ඉල්ලා සිටිති .  

ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා දූෂණ විරෝධී රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ.

  ආර්ථිකය යථාවත් කිරීමේ ක්‍රියාවලිය තිරසාර වීමට නම් දූෂණ විරෝධී රාජ්‍යකරණ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දේශපාලන වුවමනාව සහිතව අව්‍යාජව කටයුතු කිරීමේ වැදගත්කම...

මාධ්‍යවේදී යොහාන් පෙරේරාට ලොතරැයියක් ඇදුණාද?

මාධ්‍යවේදී යොහාන් පෙරේරා මහතාගේ ‌‌ ෆේස්බුක් ගිණුමට ඔහුගේ අනුදැනුමකින් තොරව කිසියම් අයෙකු විසින් ඇතුළු වී ඇති බව Factseeker ට තොරතුරු...

You may have missed