හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ තම දූ දරුවන් ගමන් ගන්නා විට කිසිදු ආරක්ෂිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකර ප්‍රභූ පිරිස් ගමන් ගන්නා විට පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු යොදවා කොල ,රතු කොඩි සංඥා සනිටුහන් කිරිමටත් ,පොලිස් නිලධාරීන් යෙදවීමටත් පියවර ගන්නේ අනෙකුත් අවස්ථාව වන් වල දී එම මාර්ගයේ ගමන් ගන්නා තම දුවා දරුවන්ගේ හා තමන්ගේ ජීවිත වලට වටිනා කමක් නැති දැයී ප්‍රදේශවාසීහු විමසති . හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය සදහා සකස් කර තිබු ගේට්ටුව කැඩි ගොස් වසරකට ආසන්න කාලයක් වන අතර එම ස්ථානයේ යොදවා තිබු ගෙට්ටු කරුවාද එම ස්ථානයේ සේවය හැර ගොස් දිගු කාලයකි ,රුපියල් 7500 ක වැටුපට සේවය කල නොහැකි බව පවසා ඔහු ද නික්ම යෑමෙන් පසු එම ස්ථානය අනාරක්ෂිත විය ,දිනකට දුම්රිය වාර 22 ක් පමණ ගමන් ගන්නා එම ස්ථානයේ දුම්රිය හරස් මාර්ගය භාවිතා කරමින් ළමා උයන ,පාසල් තුනකට ,පොලිස් අධිකාරි කාර්යාලය හා හැටන් මූලස්ථාන පොලිසිය ,කාර්මික පුහුණු මධ්‍යස්ථානය ,ප්‍රධාන සංචාරක හෝටල හා උත්සව ශාලාව හා හැටන් විල්ප්‍රඩ් පුරය ,සාත්තු නිවාස සංකීර්ණය ,සාලියපුර,කෑම්ප්වැලි ,හැටන් වත්ත ආදි ජනාවාස ඇතුළු ප්‍රදේශ රැසක පාසල් දරුවන් ,කාර්යාල සේවකයින් හා සාමාන්‍ය ජනතාව ගමන් ගනු ලැබේ. එම නිසාම එම ස්ථානයේ තිබි කඩා වැටුන බට ගේට්ටු වෙනුවට ස්ථිර ගේට්ටු සවි කරමින් ස්ථිර සේවකයෙක් යොදවන ලෙස ප්‍රදේශවාසියන් බලධාරීන්ගෙන් ඉල්ලුම් කලේ දුම්රිය ගමන් ගන්නා විට ගමන් ගන්නා ජනතාවගේ හා වාහන වල ආරක්ෂාවට මග දෙපස සිට ගැනීම ඔවුන්ට සෑම දිනම සිදු කල නොහැකි නිසාය . කෙසේ වෙතත් තත්ත්වය උග්‍ර වු අවස්ථාවේ ගේට්ටුව පිළිසකර නොකරත් ගේට්ටු කරු සදහා පොලිසිය මගින් ගෙවු රුපියල් 7500 වැටුප ට හැටන් නගර සභාවේ ලේකම් වරයා හා සේවකයින් එක්ව මාසිකව ඔවුන්ගේ වැටුපෙන් තවත් රුපියල් 12 500 ක් එකතුවර රුපියල් 20000.00 ක මුදලක් ගෙවමින් උදේ 6 සිට ප.ව 6.00 දක්වා ගෙට්ටු කරුවකු මාස 03...