වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග අනාගත පරපුර වෙත දායාද නොකිරීමට සියලු පුරවැසියන් වගබලා ගත යුතු යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි. ඒ සඳහා ආර්ථික, සමාජ හා දේශපාලන වශයෙන් රට ස්ථාවරත්වයට පත් කළ යුතුව ඇතැයි ද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය. ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික රණවිරු සැමරුමට සමගාමීව මයිලපිටිය රණවිරු සැමරුම් ස්මාරකය අභියස අද (16) පැවති මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. මධ්‍යම පළාත් සභාව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව මෙම සැමරුම් උත්සවයේ සංවිධාන කොට තිබිණ. එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා රණවිරුවන් හා රණවිරු පවුල් වල සාමාජික සාමාජිකාවන්ට කෘතවේදීත්වය පළ කරන බවත් ඔවුන් රටේ ස්වාධීනත්වය ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමියෙන් යුතුව කැප වූ පාර්ශවයක් යැයි ද සඳහන් කළේය. ඔවුන් කළ එම කැපවීම හේතුවෙන් අද වන විට නිදහස් නිවහල් ජාතියක් වශයෙන් ජීවත්වීමට සියලු පුරවැසියන්ට අවස්ථාව හිමි වී ඇතැයි ද ඒ...