ත්‍රිකුණාමලය : ජනපති සංචාරයට සමගාමීව ඉඩම් කොල්ලයට ගොවි විරෝධය!

ජනාධිපති අනුර කුමාර දිසානායක උත්සවයක් සඳහා ත්රිකුණාමලය දිස්ත්රික්කයේ කළ සංචාරයට සමගාමීව, ත්රිකුණාමලයේ මුතුනගර් සහ කින්නියා ප්රදේශවල ගොවීහු පවතින ඉඩම් අර්බුදය ඉස්මතු කරමින් විරෝධතාවයක් පැවැත්වූ බව දෙමළ මාධ්‍ය වාර්තා කළේය.
විරෝධතාවයේ දී ඔවුහු අඛණ්ඩව සිදුවන ඉඩම් කොල්ලකෑම් වහාම නතර කරන ලෙසටත්, පීඩාවට පත් ගොවීන් හමුවී ඔවුන්ගේ දුක්ගැනවිලිවලට සෘජුවම සවන් දෙන ලෙසටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇත.
ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට දින 32ක් තිස්සේ අඛණ්ඩ සත්යග්රහයක නියැලී සිටින මුතුනගර් ගොවීහු විරෝධතාවයට එක් වූහ. ව්යාපෘති සඳහා අත්පත් කරගෙන ඇති කෘෂිකාර්මික ඉඩම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළු විසඳන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටි බවත්,  සංවර්ධන හා බලශක්ති ව්යාපෘති, විශේෂයෙන් සූර්ය බලශක්ති ව්යාපෘති මුවාවෙන්, රාජ්ය බලධාරීන් සහ පෞද්ගලික සමාගම් ගොවිබිම් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන සිටින බවට ත්රිකුණාමලයේ ගොවීන් නැවත නැවතත් චෝදනා කළ බවත් ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
බොහෝ දෙනෙකුට තම කුඹුරුවලට සහ තණබිම්වලට යාමට ඇති අයිතිය අහුරා ඇති අතර, එමඟින් ඔවුන්ගේ ජීවනෝපායන් සහ ආහාර සුරක්ෂිතතාවයට තර්ජන එල්ල වී තිබේ.
දිස්ත්රික් ලේකම් කාර්යාලයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට පෙත්සම් ලබා දීම ඇතුළු පළාත් පාලන සහ ජාතික තලයේ බලධාරීන්ට විවිධාකාරයෙන් සිය ගැටළු ඉදිරිපත් කළද, කිසිදු අර්ථවත් ක්රියාමාර්ගයක් මේ වන තේක් ගෙන නොමැති බව ගොවීහු පැවසූ බව ද වෙබ් අඩවිය වාර්තා කළේය.
මූලාශ්රය සහ ඡායාරූප: Tamil Guardian හරහා Act Now
END/MMP/22102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed