නීති ප්‍රඥප්ති කාලීනව සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් – පොලිස්පති
රට තුළ මෙන් ම ජනතාව වෙත සාධාරණ සමාජයක් ලබාදීමට නම් නීතියේ පවතින හිඩැස් නොපමාව නිවැරදි කළ යුතු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
” නීති ප්‍රඥප්ති කාලීනව සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක්” බව පොලිස්පතිවරයා අවධාරණය කරන කාරණයයි.
විරෝධී ලෙස ඉපැයූ මුදල්, දේපළ සහ වත්කම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කෙරුණු ‘අපරාධයකින් උත්පාදිත දේ විමර්ශණ කොට්ඨාසය‘ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා විසින් මෙම කාරණය පැහැදිළි කළේය.
පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති එම කොට්ඨාසය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ – ඔක්තෝබර් 20 දා පෙරවරුවේ දී විවෘත කෙරිණි. 2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිලිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව මෙම නව කොට්ඨාශය පිහිටුවා ඇති බව සඳහන් වේ.
එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පත් කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද උත්සවය අමතමින් කියා සිටියේ , මෙම කොට්ඨාසය හරහා ප්‍රසිද්ධ විමර්ශන රැසක කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමේ හැකියාව පවතින බවය.
