අද කාලගුණය : දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි – දිස්ත්‍රික්ක 11 කට නායයෑම් අනතුරු ඇඟවීම්!

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇත. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඒ අතර, දිවයින පුරා දිස්ත්‍රික්ක 11 කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත. ඒ අනුව, කොළඹ , කලුතර, ගාල්ල, මාතර, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල , මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාවට විමසිල්ලෙන් පසුවන්නට උපදෙස් ලබාදෙයි.

END/GONP/MMP/21102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *