පළාත් 07 කට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි – හිරුණි ලක්ෂිකා
පළාත් 07කට අද (19) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණ සහ උතුරු යන පළාත්වලට මෙම වැසි ඇති වනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
