උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා – හිරුණි ලක්ෂිකා
දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලි පැනීමකට ලක්ව ඇති බවය.
දුම්රියේ එක් මැදිරියක් පිලී පැනීමට ලක්ව ඇති අතර එය පිලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පිලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය
