වැඩි මිල වතුර බෝතල්වලට දැඩි දඩ: මාස 6ට ලක්ෂ 278 ක් – හිරුණි ලක්ෂිකා
අධික මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කළ වෙළෙන්දන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමෙන්, මාස හයක කාලයක් තුළ රුපියල් ලක්ෂ 278 කට අධික දඩ මුදලක් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කරනවා.
අප්‍රේල් 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළ මෙම වැටලීම් සිදු කර ඇති අතර, එම කාලය තුළ නඩු 306ක් වාර්තා වී තිබෙනවා.
මෙම වැටලීම්වලින් බහුතරයක් සිදු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බව සඳහන්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වැටලීම් ප්‍රමාණය 55 ක්.
ඊට අමතරව කුරුණෑගල, අනුරාධපුර, මහනුවර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක වලින් වැඩිවශයෙන් වැටලීම් වාර්තා වී තිබෙනවා.
මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෑතකදී, අනුමත මිලට වඩා රුපියල් 20කින් වැඩි මිලකට වතුර බෝතලයක් අලෙවි කිරීම හේතුවෙන් කොළඹ ආයතනයකට රුපියල් 600,000ක දඩයක් නියම කර තිබෙනවා.
