ගාල්ලේ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් – හිරුණි ලක්ෂිකා

ගාල්ල, ප්‍රදේශ කිහිපයකට හෙට (20) පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම් අනිද්දා (21) ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසන්නේ.

ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් මේ පියවර ගෙන තිබෙනවා.

මෙහිදී බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුවන බවයි සඳහන්.

මේ සම්බන්ධයෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *