මහ වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත වේ!

කඳුකරයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කිරීමට එම කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව පොල්ගොල්ල ජලාශයේ සිට තත්ත්පරයකට ඝන අඩි 5190ක ජල ධාරිතාවයක් පහළ වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරීම සිදුවේ.

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වැසි හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනයට මෙසේ අද දිනයේදී වාන් දොරටු 04 ක් විවෘත කළ බවට එම කාර්යාලය සඳහන් කරයි.

– නදීක දයා බණ්ඩාර – මහනුවර

END/MMP/19102025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed