රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් අරී – හිරුණි ලක්ෂිකා
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවරකර තිබෙනවා.
එමෙන්ම අංගමුව ජලාශයේ දොරටු 2 ක් දැනට විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
