මෙරට ආර්ථික පරිවර්තනයට අනුකූලව ජාත්‍යන්තර සහයෝගීතාව සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට සාකච්ඡා

ලෝක වෙළෙඳ, සංවිධානයේ ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයට සමගාමීව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයට අනුකූලව ජාත්‍යන්තර සහයෝගීතාව සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලා කිහිපයක් ඔක්තෝබර් 16 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමුපකාර අංශයේ දියුණුව සහ පුනර්ජීවනය ඇති කිරීම මෙන්ම කම්කරු සුභසාධනය අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නායකත්වය සමඟින් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ශ්‍රී ලංකාවේ සමුපකාර සංවර්ධනය පිළිබඳ වූ තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවන් සඳහා සහභාගී විය.

මෙහිදී සමාජ සාධාරණත්වය ඇතුළත් ආර්ථිකයක් කෙරෙහි ශ්‍රී ලංකාවේ නව දැක්ම ILO විසින් පිළිගනු ලැබූ අතර ශ්‍රී ලාංකික සමුපකාර සංවර්ධන නිලධාරීන් සඳහා තාක්ෂණික පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට ද ඔවුන්ගේ එකඟතාවය පළ කරන ලදි.

END/GONP/MMP/18102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed