ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා යුද හමුදා පතොරම් සහ යුධෝපකරණ ගබඩා පහසුකම් නිරීක්ෂණය කරයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පතොරම් සහ යුධෝපකරණ ගබඩා පහසුකම්වල දෙදින නිරීක්ෂණ චාරිකාවක නිරත වී අැත.

නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ද එම අවස්ථාවන්ට එක් වුහ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පතොරම් ගබඩාවල තත්ත්වය පරීක්ෂා කළ අතර, එහි වත්මන් මෙහෙයුම් සහ ආරක්ෂක සුදානම පිළිබඳව ද සමාලෝචනය කළේය.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී පතොරම් සහ යුධෝපකරණ ගබඩාවල ආරක්ෂාව සහ සුරක්ෂිතතා පියවරයන් වැඩිදියුණු කිරීම, හදිසි ප්‍රතිචාර සැලසුම් සංවර්ධනය, හදිසි තත්ත්වයන්හිදී බාහිර ආයතන සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, නියාමන අනුකූලතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සම්මත මෙහෙයුම් පටිපාටි (SOPs) ක්‍රියාත්මක කිරීම, වගවීම සහ ආරක්ෂිත ක්‍රියා වලින්හි සුමට බව ඇතුළු තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.

END/MMP/17102025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *