සුදු වෙන්න කිසිම බෙහෙතක් මේ ලෝකේ නෑ- හිරුනි ලක්ෂිකා

සම සුදු වීම සඳහා එන්නතක් හෝ මල්ටිවිටමින් වර්ගයන් ලොව කොතැනක හෝ  නොමැති බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සඳහන් කරයි.

කෙසේ නමුත් රූපලාවණ්‍ය මධ්‍යස්ථානයන් හි වැටලීම් සිදුකරන අවස්ථාවන්වලදී අත්අඩංගුවට ගන්නා එවැනි එන්නත් හා මල්ටිවිටමින් වර්ගවල ඇසුරුමේ සඳහන් කර ඇති කේත අංකයන් (QR) ක්‍රියාත්මක නොවන බවද කරන ලද පරික්ෂා කිරීම්වලදී තවුරු  වී ඇතැයි ඇය පැවසුවා.

කෙසේ නමුත් රූපලාවණ්‍ය ආයතන නිලධාරියකුට හෝ නිලධාරිනියකට පටක තරල ප්‍රතිකාරයන් හෝ එන්නත් කිරීමට නීතියෙන් අවසර නොමැති බවත් ඔවුන්ට කළ හැක්කේ මතුපිට සමට සිදුකරන සත්කාරයන් පමණක් යැයිද ඇය පවසා සිටියා.

සම ඉක්මනින් සුදු කර ගැනීමට යැයි සිතා රසදිය බොහෝ සේ අන්තර්ගත ආලේපනයන් භාවිත කිරීම හේතුවෙන් සමට සිදුවන හානිය නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි තරම් බරපතල වි ඇති බවත් එය දිනෙන් දින වැඩිදියුණු වන බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා.

ආලේපනයන් භාවිත කර සමේ කළු පැහැති හෝ දුඹුරු පැහැති ලප මතුවීම, සම ඉරීම, නියපොතු දුඹුරු පැහැ ගැන්වීම වැනි කෙටි කාලීන හානි පෙන්නුම් කළ ද දිගුකාලීන හානි වාර්තාවීමට තවත් බොහෝ  කාලයක් ගත වනු ඇති බව ඇය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *