අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ!

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා පත් කර තිබේ.

එමෙන්ම, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත භාර දෙනු ලැබීය.

ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල මහතා මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රමසම්පාදන (ආපදා කළමනාකරණ) ලෙස කටයුතු කළ අතර, ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කළාය.

END/GONP/MMP/16102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *