අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ටියානන්මෙන් චතුරශ්‍රයේ දී මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට උපහාර දක්වයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 14 වන දින බීජිං හි ටියානන්මෙන් චතුරශ්‍රය නැරඹීමට එක් වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරිය චීනයේ ජාතික වටිනාකමින් යුත් ස්මාරක දෙකක් වන මහජන වීරයන්ගේ ස්මාරකය සහ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත උපහාර දැක්වීය.

එහිදී පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාමාත්‍යවරිය, චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භක නායකයා වූ දිවංගත සභාපති මාඕ සේතුං සහ ජාතියේ විප්ලවවාදී අරගලයට තම ජීවිත කැප කළ  වීරයන් සිහිපත් කරමින් ආචාර කළා ය.

ටියානන්මෙන් චතුරශ්‍රයේ බටහිර පෙදෙසෙහි පිහිටි මහජන මහා ශාලාවේ චාරිත්‍රානුකූල වතාවත්වලට සහභාගී වීමට පෙර, චීන මහජන සමූහාණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගනු ලැබිණි.

අග්‍රාමාත්‍යවරියගේ මෙම බීජිං නිල සංචාරය හරහා චීනයේ ඓතිහාසික උරුමය මෙන්ම දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන ගෞරවය පිළිබිඹු කරයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

END/PMMD/MMP/16102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed