හම්බන්තොට නව පිරිපහදු ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බවට සයිනොපැක් සමාගමෙන් සහතිකයක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයකින් ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවට සයිනොපැක් සමාගමේ උප සභාපති ලුයූ ලියැන්ගොං මහතා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට දැනුම් දී තිබේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ නොවිසඳුණු ගැටලු පිළිබඳව අද (15) අමාත්‍යවරයා සහ එම සමාගමේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී උප සභාපතිවරයා මේ බව පවසා ඇත.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක සිට පැවැති ගැටලු රැසකට විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා ලබා දෙන ලද සහයෝගය හේතුවෙන් දිනකට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පාදනය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘති ගිවිසුම ජනවාරි මස අත්සක් කිරීමට හැකි වූ බවද ලියැන්ගොං මහතා පෙන්වා දුන්නේය.
රටවල් දෙකෙහිම ආර්ථිකයට විදේශ ආයෝජන තුළින් සිදුවන ධනාත්මක බලපෑම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලපාන සෙසු ගැටලු කඩිනමින් විසඳීමට මැදිහත්වන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
