හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුදෙනා නිදහස් කෙරේ!

හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාර දී තිබේ.

මේ අනුව අද , ඔක්තෝබර් 13 – දිනයේදී, ජිවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම ඊශ්‍රායල හමුදා භාරය පත්වූ අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

එමෙන්ම හුවමාරුවක් ලෙස නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් 1,966 දෙනා ද ඊශ්‍රායල බන්ධනාගාරවල බස් රථවලට ගොඩ වී ඇති බව සඳහන් වේ.

මෙම පිරිසට අමතරව පැහැරගෙන හමාස් භාරයේ සිටි 39 දෙනා පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

END/MMP/13102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed