මෛත්‍රී වික්‍රමසිංහ මහ බැංකු පාලක මණ්ඩලයට – හිරුණි ලක්ෂිකා
ජනාධිපති නීතිඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.
ජනපති විසින් මෙම පත්කිරීම ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි සිදු කර ඇති බවයි සඳහන්.
මහ බැංකු පනත ප්‍රකාරව, මහ බැංකුවේ පරිපාලන කටයුතු පාලනය කිරීම සහ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම පාලක මණ්ඩලයේ වගකීමයි.
එහි සාමාජිකයින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් ලෙස ද කටයුතු කරනු ලබන බව වාර්තා වනවා.
රජීව් අමරසූරිය ඉකුත් ජුනි 27 දින සිට එම ධුරයෙන් ඉවත් වීම හේතුවෙන්, ඒ වෙනුවට මෛත්‍රී එවන් වික්‍රමසිංහ පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ජනාධිපති නීතිඥවරයෙකු වන වික්‍රමසිංහ නීතිවේදියෙකු මෙන්ම, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වන බව සඳහන්.
විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලයේ සභාපති ඇතුළු තවත් වැදගත් තනතුරු රැසක ඔහු කටයුතු කරන බව ද වාර්තා වනවා.
