ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් – හිරුණි ලක්ෂිකා

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ උතුරු-මැද, මධ්‍යම, ඌව, සබරගමුව සහ වයඹ පළාත්වල සහ මාතර, හම්බන්තොට, ගම්පහ, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවය.

මේ හේතුවෙන් ඇතිවන අකුණු සමග සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *