ටීනියා රෝගයට ගොදුරු වන පිරිස ඉහළට – ගර්භනී මව්වරුන් විෂේශයෙන් ප්‍රවේසම්වන්න – හිරුණි ලක්ෂිකා

ගර්භනී මව්වරුන් අතර සම රතුවීම, දහඩිය බිබිලි මෙන් කුඩා බිබිලි මතුවීම සහ ඇඟ කැසීමේ තත්ත්වයක් පවතී නම්, වහාම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුව ප්‍රතිකාර ලබා ගන්නැයි කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ඉල්ලා සිටිනවා.

ටීනියා රෝගයට ගොදුරු වන පිරිස ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර, ගර්භනී මව්වරුන්ද මෙම පිරිස අතර සැලකිය යුතු මට්ටමකින් සිටින බවට සඳහන් කළා. කිහිලි, ඉකිලි ආදී ප්‍රදේශයන් ඇතුළු සිරුරම තදබල ලෙස කැසීමට ලක්වන්නේ නම්, හිතුමතේට ආලේපන භාවිත නොකරන ලෙස ඇය පෙන්වා දෙනවා. එමගින් රෝගය උත්සන්න වනු ඇති බවට ඇය සඳහන් කළා.

ගර්භනී මව්වරුන්ට බොහෝ විට මුඛ මාර්ගයෙන් ගන්නා ඖෂධ නොදෙන නමුත්, ටීනියා තත්ත්වය උත්සන්න වී ඇති බැවින් දැන් මුඛයෙන් ලබා ගන්නා ඖෂධ පවා නිර්දේශ කිරීමට සමේ රෝග විශේෂඥයින්ට සිදුව ඇති බව වෛද්‍ය ඉන්දිරා පවසා සිටිනවා.

මෙම රෝගය නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගෙන හිතුමතේට ආලේපනයන් භාවිත කිරීම හේතුවෙන් උත්සන්න වී ඇති බව සඳහන් වන්නේ. ජාතික රෝහලේ සමේ රෝග සායනයට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 20ක් පමණම ටීනියා රෝගයට ගොදුරු වූවන් බව ඇය පවසා සිටියි.

මෙම රෝගය කුස තුළ සිටින දරුවාට බලපෑම් ඇති කරනුයේ දරුවා ඉපදුණු පසුව බැවින්, ගර්භනී කාලයේදී නිසි ප්‍රතිකාර ලබාගෙන රෝගය නිට්ටාවට සුව කර ගන්නැයි ඇය ඉල්ලීමක් කරනවා.

ජාතික රෝහලේ සමේ රෝග සායනයට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 20ක් පමණම ටීනියා රෝගයට ගොදුරු වූවන් බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *