හලාවත වැල්ලට බෙදන්න ගිය පලතුරු අරක්කු තොගයක් මාට්ටු – ප්‍රසාද් පුර්ණමාල් ( වීඩියෝ සහිතයි )
හලාවත වැල්ල ගම්මානයට බෙදා හැරීම සදහා රැගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්ප්‍රිතු තොගයක් අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසියේ රථ වහාන අංශයේ නිලධාරීන් 
සමත්ව තිබේ . අද 11 අලුයම මේ වැටලීම සිදු කර ඇත .
මෙම මත්පැන් පොලිතින් උර වල බහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබි ඇත . රියදුරුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්පැන් හලාවත
මැරවල නිෂ්පාදනය කරන ලද මත්පැන් බවයි ,
මෙහි මත්පැන් ස්ප්‍රිතු බෝතල් 615 ක් තිබී ඇති අතර ඒ අනුව මින් නීති විරෝධී මත්පැන් බෝතල් 2000 කට වැඩි ප්‍රමාණයක් සකස් කර ගත හැකි බව වාර්තා වේ .
මේ මත්පැන් නිෂ්පාදනය සදහා පලතුරු ,යුරියා ,ඊස්ට් ඇතුළු ද්‍රව්‍ය රැසක් භාවිතා කර ඇති බව මුලික පරීක්ෂණ වලින් හෙළිව තිබේ .
හලාවත පොලිසියේ රථවාහන අංශයේ සැරයන් 33540 ජයසිංහ ,පොලිස් කොස්තාපල් 100711 වෛද්‍යරත්න යන මහත්වරු මේ වැටලීම සිදු කර ඇති අතර හලාවත
ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ නියෝග පරිදි හලාවත සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද මහතාගේ උපදෙස් පරිදි හලාවත පොලිසියේ රථ
වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 36815 විජේරත්න මහතා විසින් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි .
