මාළු නැවක් කල හරියක් – ප්‍රසාද් පුර්ණමාල් ( වීඩියෝ සහිතයි )

 

දික්ඕවිට ධිවර වරායට පැමිණ ඇති මාළු නැවකට බහුධින ධීවරයන් විරෝධය පල කර සිටි . සමස්ත ලංකා බහුධින ධිවර යාත්‍රා හිමියන්ගේ සංගමය නියෝජනය
කරමින් අද 10 පෙරවරුවේ පිරිසක් මේ නැව නිරීක්ෂණය කිරීම සදහා ගිය අවස්ථාවේදී දික්ඕවිට ධිවර වාරයේ ආරක්ෂක නිලධාරීන් වාරයේ ගේට්ටු වසා දමමින්
ධීවරයන් ඇතුලට පැමිණීම ද වලක්වා තිබේ .

මෙහිදී ධීවරයන් හා ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබේ .

මේ මාළු නැව ඊයේ 09 දිනයේ දික්ඕවිට ධිවර වරායට පැමිණි අවස්ථාවේ සිට තම මාළු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ධිවර නායකයන් පෙන්වා දෙන ලදී .

මේ වන විට සමස්ත ලංකා බහුදින ධිවර යාත්‍රා හිමියන්ගේ සංගමය ධිවර අමාත්‍යංශයේදී ධිවර නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්චාවක නිරත වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *