සියලුම වැඩිහිටියන් සඳහා ශ්‍රවණ උපකරණ ලබාදීමේ වැඩසටහනක් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයෙන් – නදීක දයා බණ්ඩාර
සියලුම වැඩිහිටියන් සඳහා ශ්‍රවණ උපකරණ නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් දියත් කොට තිබේ.
එහි මහනුවර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදී අද (07) ආරම්භ කෙරිණි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ සියල්ල ආවරණය වන පරිදි අවුරුදු 60ට වැඩි ශ්‍රවණ ආබාධ සහිත පිරිස් සඳහා මෙම ශ්‍රවණ උපකරණ ප්‍රදානය කරන අතර එහි පළමු අදියර යටිනුවර, කුණ්ඩසාලේ, පාතදුම්බර, මිනිපේ සහ පන්විය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ අධීක්ෂණය මත, මහනුවර දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ප්‍රියංකා රත්නායක මහත්මියගේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික් වැඩසටහන පැවැත්විණි.
