පුත්තලම දිස්ත්‍රික්කය තුළ වෙරළ උද්‍යාන 07 ක් ස්ථාපනය කිරීම ඇරඹෙයි

කුඩා ප්‍රමාණයේ වෙරළ උද්‍යාන 100 ක් දිවයින පුරා ස්ථාපනය කිරීමේ වැඩ සටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කය තුළද වෙරළ උද්‍යාන 07 ක් ස්ථාපනය කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ පළමු කුඩා වෙරළ උද්‍යානය මාරවිල – කුරුස පල්ලිය ආසන්නයේ දී මුල් ගල් තබා වැඩ කටයුතු ආරම්භ කිරීම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.

මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයාන් ජානක,හිරුණි විජේසිංහ,නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා සභාපති සාගර විජේසේකර යන මහත්වරුන් ද සහභාගි විය.

පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල, හලාවත, පුත්තලම සහ කල්පිටිය ප්‍රදේශ වල මෙම වෙරළ උද්‍යාන 07 ස්ථාපනය කිරීමට නියමිතව ඇත.  රජය විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට සමගාවීම මෙම වෙරළ උද්‍යාන ස්ථානය කිරීම සිදු කෙරේ.

END/GONP/MMP/07102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *