කැන්ටබරි අගරදගුරු ලෙස පළමු වරට කාන්තාවක් පත් කෙරේ!

එංගලන්ත පල්ලියට ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින්, 111 චාර්ල්ස් රජු ලන්ඩනයේ බිෂොප් සාරා මුල්ලලි, කැන්ටබරි හි පළමු කාන්තා අගරදගුරුවරිය ලෙස පත් කර ඇත.

එංගලන්තයේ හිටපු ප්‍රධාන හෙද නිලධාරිනියක මෙන්ම විවාහක දෙදරු මවක් වන මුල්ලලි, වසර 1,400 කට වැඩි කාලයක් තිස්සේ පැවති සම්ප්‍රදායක් බිඳ දමමින් ලොව පුරා ඇංග්ලිකන් හවුලෙහි අධ්‍යාත්මික නායිකාව බවට පත්වනු ඇත.

මෙම පත්වීම එක්සත් රාජධානිය පුරා ආගමික නායකයින් පිළිගෙන ඇත. එසේම එංගලන්තයේ සහ වේල්සයේ කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කාදිනල් වින්සන්ට් නිකොල්ස්, අගරදගුරු පදවියට ප්‍රශංසා කරමින්, ඇය “ඇගේ නව භූමිකාවට බොහෝ පෞද්ගලික ත්‍යාග සහ අත්දැකීම් ගෙන එනු ඇත” යනුවෙන් පැවසීය.

ඉදිරි මාසවලදී මුල්ලලි ධුරයට පත්වීමට අපේක්ෂා කෙරේ.

END/GONP/MMP/04102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed