සිහින ගමනාන්ත ව්‍යාපෘතිය යටතේ මහනුවර දුම්රිය ස්ථානය නවීකරණය වේ. – නදීක දයා බණ්ඩාර

සිහින ගමනාන්ත තේමාව යටතේ දුම්රිය ස්ථානය නවීකරණය කිරිමේ මහනුවර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන  ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දුම්රිය ස්ථානයේදී ඉකුත්දා ආරම්භ විය.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ  ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයෙහි මාර්ගෝපදේශ මත ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිහින ගමනාන්ත වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඒ යටතේ ආරක්ෂිත, අකර්ෂනීය හා සුවපහසු සේවාවක් බවට දුම්රිය පත්කිරිමට නියමිතය.

මුල් අදියර යටතේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට නියමිත අතර වේදිකා, ප්‍රවේශපත් කවුළු, පාර්සල් ප්‍රවාහන අංශ, සනීපාරක්ෂක පහසුකම් ආදිය ඇතුලුව දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම එහිදී සිදුවේ.

මහනුවර දුම්රිය අංගණයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්,  ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු පිරිසක් සහභාගීවූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *