ප්‍රවීන සංගීත වාද්‍ය ශිල්පීන් තිදෙනෙකු සඳහා ‘වාද්‍යාභිමානී’ ප්‍රණාම සම්මානය පිරිනැමෙයි. – මොහොමඩ් ආසික් 

ප්‍රවීන සංගීත වාද්‍ය ශිල්පීන් තිදෙනෙකු සඳහා ‘වාද්‍යාභිමානී’ ප්‍රණාම සම්මානය පිරිනැමීමේ ‘තුඩු’ ප්‍රසංගය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය මහජන ආරක්ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (02) පස්වරුවේ පැවැත්විණි.
මෙහි දී ‘වාද්‍යාභිමානී’ ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රවීන බටනලා වාදන ශිල්පී උපතිස්ස පෙරේරා, ප්‍රවීන වයලින් වාදන ශිල්පී ඩී.ඩී ගුණසේන සහ ප්‍රවීන ලීඩ් ගිටාර් වාදන ශිල්පී මහින්ද බණ්ඩාර යන ජ්‍යෙෂ්ඨයින් තිදෙනායි.
එම අවස්ථාවේ දී සම්මානලාභී වාද්‍යවේදීන්ගේ නිර්මාණ සජීව ලෙස රසවිඳ ගැනීමේ අවස්ථාව ද උදාකර දී තිබිණි.
ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ මෙම ප්‍රණාම උළෙල සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස් දිල්හානි සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ප්‍රවීන ලේඛක කීර්ති වැලිසරගේ යන මහත්ම මහත්මීහු ද කලාකරුවන් ඇතුලු පිරිසක් ද එක්ව සිටියහ.
වීඩියෝ සබැඳිය – https://we.tl/t-RUoqp0KXbG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *