අගමැතිනිය ගාන්ධි දින සැමරුමට එක්වෙයි!

අහිංසාවාදයේ පියා මහත්මා ගාන්ධි තුමාගේ 156 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් උපහාර පිදීමට ඔක්තෝබර් 02 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක් විය.

අග්‍රාමාත්‍යතුමිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාන්ධි ජයන්ති සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙහිදී ගාන්ධි තුමන් විසින් සාමය, අවිහිංසාව සහ මනුෂ්‍යත්වය උදෙසා ඉටුකරන ලද කළ අපරිමිත සේවයට උපහාර පිණිස අග්‍රාමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝස් ජා මහතා මහතා විසින් අරලියගහ මන්දිරයේ ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

END/PMMD/MMP/03102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *