අ. පො. ස සාමාන්‍ය පෙළ : මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම!

අධ්යයන පොදු සහතික පත්ර (සාමාන්ය පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මාර්ගගත ක්රමයට අයදුම්පත්ර කැඳවීම සඳහා ලබා දී තිබ   තිබෙන කාලය, ඔක්තෝබර් මස 09 වන දායින් අවසන් වන බව  ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එදින මධ්යම රාත්රී 12න් පසු මාර්ගගත ක්රමවේදය වසා තබන බව නිවේදනය කරන විභාග දෙපාර්තමේන්තුව ,  යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බවත් එම නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වූවහොත් ,  0112-784208/ 0112-784537/ 0112-785922 දුරකතන අංක යටතේ විමසිය හැකි බව දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වෙයි. ඊට අමතරව 0112-784422 යන ෆැක්ස් අංකය හෝ gceolexansl@gmail.com යන විද්යුත් තැපෑල මගින්ද විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
END/MMP/03102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *