දේශපාලනඥයින් තිස් දෙනෙකුගේ වත්කම් ගැන විමර්ශන – හිරුණි ලක්ෂිකා

හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් තිස් දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් වත්කම් විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති වත්කම් විමර්ශන අංශය මගින් සිදු කරන බවයි.

නීති විරෝධී ආකාරයෙන් වත්කම් උපයා ඇති බවට මෙම මහජන පැමිණිලිවල සඳහන් වී ඇති බවත් ඒ ගැන වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *