ළමා දිනය දා කුඩු ජාවාරමේ ගිය 05ක් මාට්ටු – හිරුණි ලක්ෂිකා

පුද්ගලික උපකාරක පංතිවලට යන සිසුන් ඉලක්ක කර හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු සැකකරුවන් 05 දෙනකු මොණරාගල මුලස්ථාන පොලිසියේ පොලිස් නිළධාරීන් කණ්ඩායමක් ඊයේ (01) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපකාරක පන්ති යන දරුවන් ඉලක්ක කරගෙන හෙරොයින් අලෙවි කිරිමේ ජාවාරමක් මොනරාගල නගරය ආශ්‍රිතව සිදුවන බවට ලද තොරතුරකට අනුව මොණරාගල මූලස්ථාන පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් ලෝක ළමා දිනය දා විශේෂ  වැටලිමක් සිදුකර තිබෙනවා.

එහිදී මොණරාගල නගරයේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 250ක් සමග 28 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගැණුනු අතර පොලිස් නිළධාරීන් ඔහුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරිමේදි ලද තොරතුරුවලට අනුව තවත් සැකකරුවන් සිව් දෙනෙකු හෙරොයින් මිලි ග්‍රෑම් 2500 ක්, මිලි ග්‍රෑම් 250ක්, මිලි ග්‍රෑම් 80ක් හා මිලි ග්‍රැම් 120ක් සමග මොණරාගල නගරයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 28ත් 43ත් වයස් වල පසුවන මොණරාගල ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් බව බවයි පොලිසිය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *