තාවකාලික රියදුරු බලපත්‍රයට නව මගක්!

තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී අද (30) සිට බලපැවැත්වෙන පරිදී නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස අද සිට මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

END/MMP/30092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *