පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මූන් කෞතුකාගාරය(Moon Museum) අද (28) මහජන අයිතියට!
පේරාදෙණිය රාජකීය උද්භිද උද්යානයේ නිර්මාතෘවරයා වන ඇලැක්සැන්ඩර් මූන් මහතා අනුස්මරණය කරමින් මෙම කෞතුකාගාරය ‘මූන් අනුස්මරණ කෞතුකාගාරය’ ලෙස නම්කර තිබේ.
1824 ඇලැක්සැන්ඩර් මූන් මහතා විසින් දිවයිනට ආවේනික ශාක වර්ග 1127 ක නාමාවලියක් ප්‍රකාශයට පත් කර තිබේ.
වඳ වී යන ශාක ප්‍රභේද ආරක්ෂා කිරීමත්, එහි කොටස් ආරක්ෂා කිරීමත්, ඒවා පිළිබඳ විද්‍යාත්මක දැනුම සමාජගත කිරීමත් සිදු කරන අතර ශාක කෞතුකාගාරයක් විසින් ජාන ආරක්ෂා කිරීම සහ ජානවලට අදාළ පර්යේෂණ දියත් කිරීම, එම ශාකවලට අදාළ පරිසර පද්ධති පිළිබඳ ජනතාවට දැනුම ලබා දීම සහ එම පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල සකස් කිරීම, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විවෘත කරන මූන් කෞතුකාගාරයේ (Moon Museum) අරමුණයි.
ඇමරිකාවේ New York Botanical Garden, Misoory Botanical garden Museum, Singapore Botanical Garden Museum unesco site in Singapore, Royal Botanical Garden එංගලන්තය, Edingborow ස්කොට්ලන්තය වැනි ශාක කෞතුකාගාරවලට සමාන්තරව දේශීය ජනතාවට පාසල් සිසුන්ට දැනුම ලබාදීම සඳහාත්, ස්ථානීය සංරක්ෂණය (Incitive Conservation) ය පිළිබඳවත් මෙහිදී දැනුවත් කරන අතර, වියළි ශාක නිදර්ශක, ශාක ඉතිහාසය පිළිබඳ ආකෘති උද්භිද විද්‍යාත්මක දැනුම වැනි දෑ මූන් ශාක කෞතුකාගාරය තුළින් ලබා ගත හැකිය.
END/PMMD/MMP/28092025
