කාලගුණය හදිසියේ වෙනස් වුණේ ඇයි? වැසි තත්ත්වය නිම වෙන්නේ කවදා ද?

    • බීබීසී සිංහල
    • Role,

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව ය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

සැප්තැම්බර් 25 පෙ.ව. 8:30 සිට සැප්තැම්බර් 26 දින පෙ.ව. 2:00 දක්වා කාලය තුළ වැඩි ම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයෙනි. මි.මී. 127.5ක් ලෙස එම අගය සටහන් වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ම දෙනියාය සහ උඩුගම ප්‍රදේශවල වර්ෂාපතනය පිළිවෙළින් මි.මී. 100.5ක් සහ 97.5 ලෙස වාර්තා වී තිබේ.

අද දවසේ වැසි ඇති වන ප්‍රදේශ මොනවා ද?

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ය.

උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇති විය හැකි අතර කාලගුණ විදුආ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.

වැඩිදුර තොරතුරු සදහා, පහත ලින්කුව ඔස්සේ කියවන්න,

https://www.bbc.com/sinhala/articles/cr70jz41k0do?at_link_type=web_link&at_campaign=Social_Flow&at_link_id=26F74E50-9A98-11F0-82E1-9747B8E89FEC&at_bbc_team=editorial&at_format=image&at_medium=social&at_campaign_type=owned&at_ptr_name=facebook_page&at_link_origin=BBC_news_Sinhala&fbclid=IwY2xjawNDBJxleHRuA2FlbQIxMABicmlkETFZSFJYRDlBYXRleldWR0JsAR7MZRlzUGvCOBBpfYVlvhelGZZP3En9vwJInR3EwxqLsWfVrJCoe5UkwiCQ0A_aem_zWFmcQopxv9Jo39NO1jBSw

END/BBC/MMP/26092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed