“තව මොනවද අපි ගෙවන ණය” කාව්‍ය සංග්‍රහය එළි දැක්වේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ , රජයේ චිත්‍රපට අංශයේ වාර්තා වැඩසටහන් නිෂ්පාදිකාවක් සහ නිවේදිකාවක් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීනී සුජානි විජේසුන්දරගේ “තව මොනවද අපි ගෙවන ණය” නම් කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම ඊයේ(24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එහි දෙසුම්  මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර, මාධ්‍යවේදිනි මයුරි ලියනගේ , සාහිත්‍ය විචාරක සිසිර කුමාර මහගම යන අයගේ විසින් සිදු කරන ලදී. පොත පිළිගන්වනු ලැබූයේ ඇයගේ පාසැලේ හිටප සිංහල ආචාර්ය නිහාල් පෙරේරා මහතා වෙතයි.

මහාචාර්ය පැට්‍රික් රත්නායකයින්, මාධ්‍යවේදී චමින්ද ගුණරත්න, නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර ඇතුළු සාහිත්‍යය ලැදි විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි විය.

END/GONP/MMP/25092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed