ජනාධිපති දිසානායක දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා හමුවෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඇමරිකා එක්සත් ජනපද වේලාවෙන් 23 වන දින පස්වරුවේ නිව්යෝර්ක් හි වන් ප්ලාසා හිදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමෆෝසා මහතා හමුවිය.
දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
පසුව, දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූ අතර, එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.
මෙම රැස්වීමට ජනාධිපති දිසානායක මහතා සමඟ එක් වූයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු සහ ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ය.
