නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කල අපරාධය
මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත්වුණි.
පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇත.
අනතුරෙන් තුවාල ලැබූ භික්ෂුන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණි.
අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂුන් වහන්සේ තෙනමක් ද සිටින බව සඳහන්ය.
ඔවුන් රුමේනියා, රුසියා සහ ඉන්දීය යන ජාතික භික්ෂූන් වහන්සේ බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලබා ඇති අතර ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
